FAST NEWS

24×7 Around the Globe

2019 පළමු පක්ෂ නායක රැස්විම අද (04)

 

2019 වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද පෙරවරු 11.30 ට පැවැත්වෙයි.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම හමුවේදී නව වසරේ අයවැය ඉදිරිපත් කිරීමේ දිනය ඇතුළු ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

එසේම ලබන 08 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය ද මෙහිදී සකස් කිරීමට නියමිතව බවද පැවසේ.