FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ විශාලම සුළං බලාගාර උද්‍යානය මන්නාරමට…

 

ශ්‍රී ලංකාවේ විශාලම සුළං බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හිමිකර ගැනීමට ඩෙන්මාර්කයේ වෙස්ටාස් සමාගම සමත්ව ඇති අතර මොගාවොට් 104 ක සමස්ත ධාරිතාවයකින් යුක්ත මෙම සුළං බලාගර උද්‍යානය මන්නාරමදී ඉදිකිරීමට නියමිතය.

අදාළ සමාගම මෙම අවස්ථාව හිමිකරගෙන ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ ජාත්‍යන්තර ටෙන්ඩරයකින් පසුවයි.

මෙම බලාගාර ව්‍යාපෘතිය මේ වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කිරීමට නියමිත අතර එය 2020 වසරේ තෙවැනි කාර්තුවේදී අවසන් කිරීමට නියමිතව තිබේ.