2019 වසර සදහා වන අයවැය වාර්තාව මාර්තු මස 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඊට අදාළ අයවැය ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.








