FAST NEWS

24×7 Around the Globe

නව වසරේ පළමු නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අද (03)…

 

2019 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේදී අද (03) පස්වරුවේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී පසුගියදා ආණ්ඩුවට සහය පළ කළ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන බව පක්ෂ මහ ලේකම්වරයා කියා සිටියේය.