FAST NEWS

24×7 Around the Globe

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය ජනවාරි 05..

 

ථේරවාදී බුදු දහමේ අඩංගු සියලු ඉගැන්වීම් ඇතුළත් වන ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය ජනවාරි මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා 1500 නමකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතය.

බුදුරජාණන් වහන්සේ වහන්සේ ජීවත්ව සිටියදී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක යන නාමය ලැබී ඇත.