FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ තීන්දුව ලබන 29 වනදා…

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ තීන්දුව ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (02) දැනුම් දුන්නාය.

වත්කම් හා බැරකම් හෙළි නොකිරීම ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි.

වසර 04 ක කාලයක් සිය වත්කම් බැරකම් ලේඛන ඉදිරිපත් කොට නොමැති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකරනු ලැබීය.