FAST NEWS

24×7 Around the Globe

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරිමට ලබන 16 වැනිදා..

 

2019 වර්ෂයේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වන දා සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කළේය.

ඒ සඳහා සියලු පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

යම් ලෙසකින් පළමු ශ්‍රේණියට සිය දරුවා ඇතුළත් කිරීම සඳහා පාසලක් නොලැබුණ හොත් ඒ පිළිබඳව පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා හමු වී දැනුවත් කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති අභියාචනා විභාගය මේ වන විට අවසන් කර ඇති බව ද අධ්‍යාපන ආමත්‍යාංශය සිය නිවේදනයෙන් පවසයි.