FAST NEWS

24×7 Around the Globe

අයි එස් ගෙළ කපන ඝාතකයා ජීහාඩ් ජොන් සිය මුහුණ අන්තර්ජාලයෙන් පෙන්වයි. (වීඩියෝ)

IS ඉස්ලාමීය රාජ්‍යයේ කුප්‍රකට ඝාතකයා වන ජිහාඩි ජෝන් නමැත්තා, ප්‍රථම වරට සිය මුහුණ නිරාවරණය කරගනිමින් පෙනී සිටි වීඩියෝවක් ඊයේ (24 දා) අන්තර්ජාලය වෙත නිකුත් විය.

තත්ත්පර 08ක කාලයක් පුරා දිවෙන මෙම වීඩියෝවේ පසුබිමින් ග්‍රෙනේඩ් විදිනයක් සහිතව ඔහු අවට කාන්තාරය දෙස විමසිලිමත් දෙනෙතින් යුතුව බලාසිටින ආකාරය දැකිය හැකිය.

බුද්ධි තොරතුරු අනුව මොහොමඩ් එම්වාසි නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ලෙස මොහු හඳුනාගෙන තිබුණි.

මේ දක්වා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ අත්අඩංගුවේ පසු වූ ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ජපාන ජාතිකයන් ඇතුළු හත් දෙනෙකුගේ ගෙල සිඳ ඉතා ක්‍රෑර අන්දමින් ඝාතන සිදුකළේ මොහුය.

මෙම වීඩියෝව පරීක්ෂාකළ විශේෂඥයන් පවසන්නේ, ‘තමන් ඉදිරියේදී යළිත් බ්‍රිතාන්‍ය වෙත පැමිණෙන බවත්, එහිදී තමන්ගේ නායකත්වයෙන් ආරම්භ කරන ඝාතක කණ්ඩායමක් මගින් බ්‍රිතාන්‍යයන්ගේද ගෙල සිඳින බවත්’ ඔහු අවධාරණය කර ඇති බවය.

වීඩියේව මෙතනින් ක්ලික් කර නරඹන්න >>>http://tinyurl.com/o5rlnyc

2B9631C400000578-0-image-m-5_1440275339808 2B9631CF00000578-0-image-a-8_1440275360441

2B9631D700000578-0-image-m-12_1440275416950 2B9631EB00000578-0-image-a-9_1440275365180