මේ දිනවල උතුරු , උතුරු මැද , මධ්‍යම , වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ වැසිවාර ස්වල්පයක් ඇති විය හැකි අතර සමස්තයක් වශයෙන් දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.








