FAST NEWS

24×7 Around the Globe

කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකුට තුවාල…

 

ඊයේ (01) රාත්‍රී 10.35 ට පමණ කළුතර – උතුර තොටුපළ මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවත් වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ කළුතර – උතුර ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක් බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සැකකරන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.