අද (01) සිට නඩු කටයුතු සඳහා කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණට පැමිණෙන අයවලුන්ට අධිකරණ භූමියට ජංගම දුරකතන රැගෙන ඒම තහනම් කර ඇත.
ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසිනුයි.
අධිකරණ කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයින්ගේ ජංගම දුරකතන අධිකරණ භූමියට රැගෙන යාම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තහනමක් පනවා නොතිබුණු අතර, ඉකුත් (28) අධිකරණය ඉදිරිපිටදී පාතාල සාමාජිකයකු පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ දැරීමේ දී ඇතිවූ සිද්ධියෙන් පසු මෙම තහනම පැනවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.








