FAST NEWS

24×7 Around the Globe

සුළං වේගය ඉහළ යයි – ධීවර ජනතාවට අනතුරු ඇගවීම්…

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල අද (01) සුළං වේගය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවත් ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊසාන දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30 – 40 ත් අතර වන අතර මන්නාරම සිට පුත්තලම කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 – 60 ත් දක්වා ඉහළ යා හැකියි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ධීවර කටයුතුවල නිරතවන ජනතාව විමසිල්ලෙන් තමන්ගේ කටයුතු කරන ලෙසටත් එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.