FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාගයේ සහතික නිකුත් කිරීම අද (01) සිට – විභාග කොමසාරිස්…

 

පසුගියදා නිකුත් කරනු ලැබූ  උසස් පෙළ විභාගයේ සහතික නිකුත් කිරීම අද (01) සිට සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසා සිටියි. 

දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉදිරිපත් කිරීම සඳහා මෙවර විභාගයේ ප්‍රතිඵල අඩංගු සහතික ලබා ගත හැකි බවත් ,
එම සහතික සාමාන්‍ය සේවය යටතේ හෝ එක්දින සේවය යටතේ ලබාගත හැකි බවත් විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.

එක්දින සේවය යටතේ ලබාදීම සඳහා රුපියල් 600ක මුදලක් අය කරන අතර, එහි පිටපතක් ලබාදීම සඳහා තවත් රුපියල් 350ක මුදලක් ගෙවිය යුතු බව සනත් පූජිත මහතා වැඩිදුරටත් පැවසීය.