FAST NEWS

24×7 Around the Globe

මහනුවර මහ නගර සභා අයවැය සම්මත වෙයි…

 

මහනුවර මහනගර සභා 2019 අය වැය අද 02 වන වරටත් ඉදිරිපත් කල අවස්ථාවේදී නගරාධිපතිතුමන්ගේ තීරක ජන්දයෙන් සභා සම්මත වූ අතර පළමු වතාවේදී  අයවැය ඉදිරිපත් කිරිමේදි වැඩි ජන්දයෙන් එය පරාජයට පත්විය.

එක්සත් ජාතික පක්ෂ නගරාධිපති කේ්ශර සේනානායක මහතා විසින් අද දින එය සභාවට ඉදිරිපත් කළේය.

පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන විපක්ෂ නායක සේන දිසානායන මහතා අයවැයට විරුද්ද වන බව ප්‍රකාශ කර සිටියේය.

අයවැයට පක්ෂව ජන්ද 20 ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 19 ක් ලැබී ඇත.

ඒ අනුව වැඩි ජන්ද 01 කින් මහනුවර මහනගර සභාවෙි 2019 අය වැය අද දින සභා සම්මත වූ බව නගරාධිපති කේශර සේනානායක මහතා ප්‍රකාශ කලා.

පසුව නගරාධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේ 2019 වසර සදහා අයවැය සම්මත වීමත් සමගම මහනුවර මහනගර සභාවේ බලය හිමි එක්සත් ජාතික පක්ෂ නගරසභාවක් ලෙස මෙය පවත්වාගෙන යන බවයි.