FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා අත්පොත ඉදිරි දින කිහිපය තුල නිකුත් කෙරෙයි..

 

2018 උසස් පෙළ ප්‍රතිඵල අනූව විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරිම කඩිනමින් අරඹන බව එ සඳහා වන අත්පොත් මුද්‍රණය කර ඇති බවත් එවා ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරිමට නියමීත බවත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සඳහන් කරයි.

අත්පොත හොදින් කියවා තමන්ට අයදුම් කළ හැකි පාඨමාලා වැඩිම සංඛ්‍යාවක් සඳහා ඉල්ලුම් කිරිම වැදගත් බව එම කොමිසම කියයි.

ඇතැම් සිසුන් පාඨමාලා දෙකක් හෝ තුනක් සඳහා ඉල්ලුම් කිරිම නිසා ඔවුන්ට වඩාත් සුදුසු පාඨමාලා අහිමි වී යන බවත් පසුව ඉල්ලුම් කිරිමට ද අවස්ථාවක් නොමැති බවයි කොමිසම පෙන්වා දෙයි.

මෙවර උසස් පෙළ විභාගයෙන් එක් ලක්ෂ හැට හත් දහස් නවසිය හත් දෙනෙක් විශ්වවිද්‍යාලය ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටිති.