FAST NEWS

24×7 Around the Globe

හෂීස් ග්‍රෑම් 1.280 ක් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට..

 

 

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියාවේ බැංගලෝර් සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කිලෝ ග්‍රෑම් 1.280ක මත්ද්‍රව්‍ය තොගයක් මෙසේ බෑගයක පත්ලේ සඟවා ගෙනආ සැකකරු අවුරුදු 30 ක් වන පුද්ගලයෙකි.

ඔහු අද (31) දිනයේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.