පසුගියදා අඩු කරනු ලැබූ බස් ගාස්තුවේ නිසි ප්‍රතිලාභය මගී ජනතාවට ලබා නොදෙන බස් රථ සම්බන්ධයෙන් 1955 දුරකථන අංකයට අමතා දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අදාල ගාස්තු අඩුවීම සියලු බස් සංගම් සමග සාකච්ඡා කර සිදුකල බැවින් කිසිදු බස් රථ හිමිකරුවෙකුට ඊට විරුද්ධව ක්‍රියා කල නොහැකි බවද එම කොමිසමේ සභාපතිවරයා සදහන් කරයි.
ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපති වුවහොත් කඩිනම් පියවර ගන්නා බවත් සභාපති එච්. හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් සදහන් කළේය.








