ජනවාරි මාසය ඇතුළත ජාතික පාසල් සඳහා නව විදුහල්පතිවරුන් පත්කිරීමේ කටයුතු අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ප්‍රධානම පෙළේ ජාතික පාසල් ද ඇතුළුව ජාතික පාසල් 302 ක් සඳහා අමාත්‍යාංශය කළ අයැදුම්පත් කැඳවීම අනුව අයැදුම්පත් අටසියයකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබූ අතර එම අයැදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට අවසන් කර තිබේ.
සම්මුඛ පරීක්ෂණයේදී අයැදුම්කරුවන් ඉදිරිපත් කළ ලේඛන පරීක්ෂා කිරීම අවසන් වූ වහාම අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට සුදුස්සන්ගේ නාමලේඛනය ඉදිරිපත් කරන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.








