අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛණ අද (30) පෙරවරු 10.00න් පසු විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකියි.
අනෙකුත් ප්‍රතිඵල අද(30) සියලු පාසල් වෙත සහ පුද්ගලික අයදුම්කරුවන් වෙත තැපැල් මඟින් යොමුකරන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙවර විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 21,469 දෙනෙකු පෙනී සිටි අතර ඉන් එක් ලක්ෂ 67,907 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ.
මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා ජනවාරි 16 වැනිදා දක්වා ඉල්ලීම් සිදුකළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
පාසල් අයදුම්කරුවන් සඳහා නැවත සමීක්ෂණ අයදුම්පත් ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යොමුකරන අතර පුද්ගලික අයදුම්කරුවන් ඉදිරියේ දී ජාතික පුවත්පත්වල පළ කරන දැන්වීම අනුව හෝ විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පල කරන දැන්වීම අනුව අයදුම්පත් යොමුකළ යුතුය








