FAST NEWS

24×7 Around the Globe

අඩු වූ බස් ගාස්තු ක්‍රියාත්මක නොකරන බස්වලට එරෙහිව දැඩි තීරණයක්…

 

බස් ගාස්තු පහල දැමීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකරන මගී ප්‍රවාහන බස්රථ සදහා නීතිමය පියවර ගැනීමට සිදුවන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සදහන් කරයි.

බස් රථවල ගාස්තු අයකිරීම පිළිබඳ සොයා බැලීම සදහා බස්රථ පරීක්ෂක නිළධාරීන් මේ වන විට යොදවා ඇති බවත් යම් බස් රථයක් පැරණි ගාස්තු අයකරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් එම අධිකාරියේ  සභාපති තුසිත කුලරත්න මහතා කියා සිටියේය.