FAST NEWS

24×7 Around the Globe

ආපදාවට පත් ජනතාවගෙන් බැංකු ණය අයකිරීම තාවකාලිකව අත්හිටුවන්න – අගමැති

 

මේ වන විට උතුරු පළාතේ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවගෙන් එදිනෙදා අයකරන බැංකු ණය සහ පොලී වාරික අයකරගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී ඇත.

කිළිනොච්චිය දිස්ත්‍රීක්කයට ඊයේ (27) රාත්‍රිය වනතුරුත් වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 09 ක් විවෘත කිරීමට සිදුව ඇති අතරම යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ දායකත්වයෙන් මේ වනවිටත් විපතට පත් වැසියන්ට සහන සැලසීම සිදුකරමින් සිටියි.