අද (29) පෙරවරු 08 සිට කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 09 ක කාලයක් ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ කටුකුරුන්ද, නාගොඩ, බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශ වලට මෙලෙස ජලය පැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය කියයි.








