FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති මහින්දගේ මාධ්‍යය ලේකම්වරයා FCIDයට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිට මහතා අද(25) 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන්නැයි දන්වා ඇති අතර ඔහු මීට සුළු මොහොතකට පෙර එම කොට්ඨාශයට පැමිණ තිබේ.

රජයේ මුල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් හා සී.එස්.එන් නාලිකාවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට වැලිවිට මහතා මෙසේ මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ඇත.

මේ වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතින බව අප වාර්තාකරු පවසයි.