පුද්ගලයෙක්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු සිව් දෙනාට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) ඇප ලබා දී තිබේ.
ෙඒ අනුව ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප මත මොවුන් සිව් දෙනාට ඇප නියම කර තිබේ.
පසුගිය දෙසැම්බර් මස 20 වන දින රංජිත් සොයිසා මහතා ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ජනවාරි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණී.
ඒ පසුගිය 16 වැනි ඉරිදා ගොඩකවෙල නගරයේදී පුද්ගගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වී තිබුණ චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ.








