පසුගියදා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් තවදුරටත් ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිතව ඇත.
මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් තමන්ට දැනුම් දී ඇති බව අදාල ගැටුම් සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු කමිටුව පවසයි.
පොලිසිය මගින් සිදුකරන පරීක්ෂණ වාර්තාවන්ද සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු කමිටුවේ අවසන් වාර්තාව සකස් කරන බවත් , එය ලබන ජනවාරි මාසය අවසන් වීමට පෙර කතානායකවරයාට ලබාදීමට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේය.








