දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිෂ්වාල් අද (25) අළුයම දිවයිනට පැමිණයාය.
අබුඩාබි සිට පැමිණි ගුවන් යානයකින් 3.25 ට පමණ ඇය මෙරටට පැමිණි බව වාර්තා වේ.
මහමැතිවරණයෙන් පසු නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය වන්නේද ඇයයි.
මේ අතර නිශා බිස්වාල් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡා කිරීමට නියමිතය.
එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමගද අද(25) දිනයේ දී නිශා බිස්වාල් සාකච්ඡා කිරීමට නියමිතය.







