FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ ප්‍රතිඵල 30 වනදාට පෙර…

 

2018 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වනදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කර ඇත.

උසස් පෙළ ප්‍රතිඵල ඊයේ (27) දිනයේදී නිකුත් කිරීමට නියමිතව තිබූ බවත් පුවත් වාර්තා පළවිය.

කෙසේවෙතත් සෑම වසරකම උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් මස 28 වනදාට පෙර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබයි.