අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිත අතර ඉන්පසුව මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමිවරුන් බැහැදැක ආශිවාර්ද ලබා ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
ඉන්පසු උතුරු ප්‍රදේශයේ ආපදා තත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සොයා බැලීමටත් අග්‍රාමාත්‍යවරයා කටයුත් යොදා ඇත.
ජල ගැලීම් හේතුවෙන් උතුරේ හානියට පත් ජනතාවට වන්දි ලබාදීමේ කටයුතු පිළිබදවත් මෙහිදී කටයුතු සිදුකිරීමට නියමිත බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.








