මෙරට දිනෙන් දින උග්‍ර වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සිදු කෙරෙන වැටලීම් තවත් විධිමත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.
ජනාධිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වල සුවිශේෂි ප්‍රගතියක් දක්නට ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.








