FAST NEWS

24×7 Around the Globe

ආසියාවේ ‌‌හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්වෙයි…

 

travellemming.com වෙබ් අඩවිය මගින් සිදුකළ ඡන්ද විමසීමකට අනුව ආසියානු මහාද්වීපය තුළ සංචාරය කිරිමට හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ.

එම වෙබ් අඩවිය විසින් ලොකයේ ප්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොග්කරුවන් හා ව්ලොගර්කරුවන්ගෙන් සමන්විත වන මණ්ඩලයක් හරහා පැවැත්වූ ඡන්ද විමසීමකින් ලංකාවට ප්‍රථම ස්ථානය හිමිවිය.

සුප්‍රකට ලෝන්ලි ප්ලැනට් සඟරාව මගින් 2019 වසරේදී ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ලෙස පසුගියදා ශ්‍රී ලංකාව නම් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව තුළ විවිධ අයුරින් සංචාරය කිරිම සඳහා අවස්ථා රාශියක් ඇති බවත් එසේම සාධාරණ මිල ගණන් යටතේ ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරිමට අවස්ථාවක් ඇති බවත් ඔවුන් අපගේ මවුබිම පිළිබද සදහන් කර ඇත.