FAST NEWS

24×7 Around the Globe

රත්මලානෙ අංජුගේ ප්‍රධාන ගෝලයා මහරගමදි කොටුවෙයි..

 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ අංජු නැමැත්තාගේ ප්‍රධාන සහයකයා මහරගම වෙද මාවතේදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 790 ක් සමග ඊයේ (26) රාත්‍රියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ප්‍රදීප් පුෂ්පකුමාර නොහොත් ඛෙනා ලෙසද හදුන්වන අදාළ සැකකරු 32 හැවිරිදි වියේ පසුවෙයි.

රත්මලානේ අංජු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ඛෙදාහැරීම් සහ මුදල් ගණුදෙනු කටයුතු සිදුකර ඇත්තේද මොහු විසින් බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත.

සැකකරු අද (27) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.