FAST NEWS

24×7 Around the Globe

උතුරේ ජනතාවට සතොසෙන් මිලියන 12 ක සහනාධාර…

 

උතුරු පළාතට බලපෑ අධික ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය කරන වියළි ආහාර ද්‍රව්‍ය වහාම සපයන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය  රිෂාඩ් බදියුදීන් මහතා උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව ලංකා සතොස හරහා මෙම ද්‍රව්‍ය ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

රුපියල් මිලියන 12 ක් වටිනා ආහාර ද්‍රව්‍ය , සහනාධාර හා සනීපාරක්ෂක දෑ රැගත් ලොරි රථ 06 ක් ඊයේ (26) දිනයේ උතුරු ප්‍රදේශ වලට පිටත් කර යවා ඇත.

මේ වන විට උතුරු පළාතේ පවතින ගංවතුර හා දැඩි සුළං හේතුවෙන් පවුල් 29119 කට අයත් 91761 දෙනෙක් පීඩාවට පත්ව තිබේ.