පුද්ගලයෙක්ට මරු කැදවමින් තිදෙනෙකුට බරපතල තුවාල සිදු කරමින් කොළඹ මෝදර,හේනමුල්ල නිවාස සංකීර්ණය ආසන්නයේදී ඊයේ (26) පෙරවරුවේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරිම සඳහා කාන්තාවක් වත්තල පමුණුගම නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම නිවසේ තිබි වෙඩි තැබීමට පැමිණි බව සැක කෙරෙන මධුෂාන් නැමැත්තාට අයත් යතුරුපැදිය ද පොලිසිය බාරයට ගෙන තිබේ.
සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව බ්ලුමැන්ඩල් සංඛ නැමැත්තාගේ හිතවතියක් වන බවත් මෙම වෙඩි තැබීමේ සිද්ධියට පෙර හා පසුව බ්ලුමැන්ඩල් සංඛ හා මධුෂාන් නැමැත්තා එම නිවසට ගිය බව සිදුකළ විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.








