සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක කුඹුක් කඳන්වල නන්දවිමල නාහිමියෝ අද (26) පෙරවරුවේ අපවත් වී ඇත.
උන්වහන්සේගේ අපවත් වීම සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ සංඝ සභාව විසින් දන්වා සිටි අතර අසණීප තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ අපවත් වන විට 60 වන වියේ පසුවිය.
සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ සංඝ සභාවේ අනු නායක ධූරයෙන් සීගිරි කස්සප මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙණාධිපති ධුරයෙන් මෙන්ම දඹුල්ල සාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී දුරයෙන් මෙන්ම රංගිරි පාය රජ මහා විහාරස්ථ විහාරාධිපති ධුරයෙන් ද උන්වහන්සේ පිදුම් ලැබ සිටියහ.
රංගිරි දඹුලු රජමහ විහාරස්ථරංගිරි පාය රජමහ විහාරස්ථානයේ වැඩ සිටි උන්වහන්සේ හදිසියේ හෘදයාබාධයක් වැළඳීමෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූහ.








