FAST NEWS

24×7 Around the Globe

සන්ධාන මන්ත්‍රීන්ට විපක්ෂයේ වාඩිවීමටත් වරම් හිමීවෙති.

විපක්ෂයේ වාඩි වී කටයුතු කිරීමට කැමති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අවසර ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී ඇත.

ජනාධිපතිවරයා සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් සමග ඊයේ (24දා) සාකච්ඡා කළ අතර, එහිදී උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට, ජාත්‍යන්තර අභියෝගවලට මුහුණදීමට හා නව ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් දන්වා ඇත.

එසේ නමුදු රජයේ වගකීම් බාරගැනීමට අකමැති මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ සිට කටයුතු කළ හැකි බවද ඔහු පෙන්වා දී ඇත.

මීට අමතරව ආණ්ඩුවේ අමාත්‍ය ධුර බාරගැනීමට කැමතිද යන්න පිළිබඳවද ඊයේ (24දා) ජනාධිපති ලේකම් කාර්යාලය සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් විමසීමක් කර තිබේ.