අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය පිළිබඳ අවසන් තීරණය සවස 3.00 ට ගන්නා බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.
වැටුප් හා ශ්‍රේණි විෂමතාවන් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
අදාළ ගැටලුව පිළිබඳව අවසන් තීරණය අමාත්‍ය අර්ජුන රණතුංග සමග සාකච්ඡා කර ගන්නා බවත් වර්ජනය කිරීමට තීරණය කළහොත් මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 48 ක කාලයක් වැඩ වර්ජනයේ නිරත වන බවත් දුම්රිය එංජින් රියදුරු සංගමය කියා සිටියි.








