FAST NEWS

24×7 Around the Globe

ඩොලරය 183 සීමාව ඉක්මවයි…

 

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (26) දිනයේදී 183. 17 ක වාර්තාගත අගයක් සටහන් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව රුපියලේ අගය අවප්‍රමාණවීමට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඇමරිකානු ඩොලරය ශක්තිමත්වීම ද බලපා ඇත.

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙදපොළෙහි ආයෝජන පිටතට ගලා යාම සහ ආනයන ගෙවීම් සඳහා විදේශ විනිමයට පවතින ඉල්ලුම ඒ සඳහා බලපා ඇති තවත් කරුණු ලෙස පෙන්වාදිය හැකි බවත් විශ්ලේෂකයෝ සදහන් කරයි.