අද (26) උදෑසන මත්තල ගුවන්තොටුපළේදි CVK 7042 දරණ කාගෝ ගුවන් යානයේ ගින්නක් ඇති වු බවත් ගුවන් තොටුපොල ගිනි නිවන භටයින් විසින් එම ගින්න නිවා දැමුණු බව ගුවන්තොටුපල ආරංචි මාර්ග කියයි.
ඊයේ (25) පස්වරුවේ තායිලන්තයේ සිට මත්තලට පැමිණ ඇති අතර අද (26) උදෑසන ඕමාන් බලා පියාසර කිරීමට සූදානම්වීමේදී ගින්න ඇති වී තිබේ.
එම අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 07 දෙනෙකු යානයේ රැදී සිට ඇතත් ඔවුන් කිසිවෙකුට හානි සිදුවී නොමැති බවත් ගින්නට අදාළ හේතුව පිළිබඳව විමර්ශන සිදු කෙරෙන බවත් එම ආරංචි මාර්ග කියයි.








