FAST NEWS

24×7 Around the Globe

රුදුරු රළ පෙළ අැවිත් අදට (26) වසර 14 යි…

 

මුළු රටම මහත් ව්‍යසනයකට ලක්කළ සුනාමි ඛේදවාචකය සිදුවී අදට (26) වසර 14 ක් ගතවී ඇත.

2004 දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමිවූවන් උදෙසා පවත්වන ‘ජාතික සුරක්ෂිතතා දිනය’ සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී අද පෙරවරු 9.00 ට ආරම්භ කරනු ඇත.

මේ සදහා  ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ මහජනතාවගේ ද සහභාගීත්වය ලබාදෙනු ඇත.

ඒ වගේම පෙරවරු 9.25 සිට 9.27 දක්වා වූ විනාඩි 02ක කාලය නිශ්ශබ්දතාව රැකීමේ කාලය ලෙස වෙන්කර තිබෙන බවත් එම වේලාවටම රටේ සෙසු සියලුම ස්‌ථානවලද විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්‌ පවත්වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‌ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේය.

ඊට සමගාමීව දිස්‌ත්‍රික්‌ක 25 ම සැමරුම් උත්සව පවත්වන බවත් ඒ මහතා පැවසීය.