FAST NEWS

24×7 Around the Globe

පොලිස් සංඥා නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි…

අද (26) අළුයම 1.30 ට පමණ තංගල්ල ප්‍රදේශයේදී පොලිස් සංඥා නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඊයේ (25) දිනයේ කුඩාවැල්ල ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීම් හේතුවෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අදාළ ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

කුඩාවැල්ල හංදියේ මාර්ග බාධකය අසල පොලිස් රාජකාරී යොදවා තිබියදී ඒ අසළ ගමන් කළ වෑන් රථයකට නැවැත්වීම සඳහා පොලිස් සංඥා ලබා දී ඇති නමුත් පොලිස් නිලධාරින් අනතුරට ලක්කර පලා යෑමට සූදානම් වන අවස්ථාවේ පොලීසිය වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

එක් පොලිස් නිලධාරීයෙකු විසින් වෑන් රථයට වෙඩි තැබුවත් එය නොනවත්වා ධාවනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.