FAST NEWS

24×7 Around the Globe

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට බස් සහ ත්‍රීරෝද රථ ගාස්තු අඩුවෙයි..

 

ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික, ශ්‍රී ලංගම මෙන්ම සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ග බස් ගාස්තු 4 % කින් අඩු කිරීමට කටයුතු කෙරෙනු ඇත.

නමුත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවත් ඉදිරියේදී එම ගාස්තුව සංශෝදනය කිරීමට පියවර ගන්නා බවත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේය.

සංශෝධිත ගාස්තු චක්‍රය ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ වන විට නිකුත් කර ඇත.

ඒ අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 12 එලෙසම පවතින අතර, රුපියල් 15 සිට රුපියල් 29 දක්වා පැවති ගාස්තුව රුපියලකින් අඩු වනු ඇති.

මේ අතර, ත්‍රිරෝද රථ පළමු කිලෝමීටර් ගාස්තුව අද (26) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 60 සිට 50 දක්වා රුපියල් 10කින් අඩු කිරීමට මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ වෘත්තීය සංගම් තීරණය කර තිබේ.