FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂෙරිෆ්ට වසර 07 ක සිරදඬුවමක්..

පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂෙරිෆ් හට එල්ලවී ඇති නවතම දුෂණ චෝදනා හේතුවෙන් ඔහුට වසර 7ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය අද (24) නියෝග කර තිබේ.

ඉස්ලාමාබාද් හි පිහිටි දුෂණ විරෝධී මහාධිකරණය විසින් හිටපු පාකිස්ථාන අගමැතිවරයාට මෙම සිර දඬුවම නියම කර ඇත.

ඔහුගේ ප්‍රකාශිත වත්කම් බැරකම් ඉක්මවා යමින් සිදුකර ඇති ආයෝජන සම්බන්ධයෙන් වන තොරතුරු හෙළිවීමත් සමගය.

කෙසේ වුවත් තමන්ට එරෙහිව එල්ලවී තිබෙන මෙම දුෂණ චෝදනා සත්‍යයෙන් තොර බව හිටපු අගමැති නවාස් ෂෙරිෆ් ප්‍රකාශ කරයි.