ත්‍රීරෝද රථ ගාස්තුව ලබන 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ( 24) පැවසීය.
සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් සහ අමාත්‍යවරයා අතර පැවැති හමුවකදී මෙම තීරණය ගෙන තිබේ.
මුල් කිලෝමීටරයට අය කරන රුපියල් 60ක ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කිරීමට මෙහිදී තිරණය වී තිබේ.









