ඊයේ (23) රාත්‍රී 10.00 සිට අද (24) අලුයම 2.00 දක්වා දිවයින පුරා සිදුකරන ලද වැටලීම් වලදී බීමත් රියදුරන් 1122 ක් ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 4039 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකළ බවත් වැටලීම සදහා පොලිස් නිලධාරින් 17,728 ක් එක්වූ බවත්ය.








