ඩීසල් මිල පහළ යෑමට සාපේක්ෂව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.3%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් අතර පැවති සකච්ඡාවකදි එකඟත්වයකට පැමීණ ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් අවම ගාස්තුව වන රුපියල් 12.00 වෙනසක් නොවෙනු ඇතැයිද වාර්තා වෙයි.
මේ පිළිබඳ තවත් සාකච්ඡාවක් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හා බස් සංගම් අතර අද (24) පස්වරුවේදී පැවැත්වීමට නියමිතය.








