FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ජනාධිපති හමුවේ.

පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණි ටෝනි බ්ලෙයාර් මහතා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ විය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ඉතා සාමකාමී නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව ද ටෝනි බ්ලේයාර් මහතා මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ප්‍රසාදය පළ කර සිටියේය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ලබා ඇති දියුණුවද අගය කළ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයා එහි ප්‍රවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවද ප්‍රකාශ කළේය.