පහළ ගොස් ඇති ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (23) පැවසීය.
මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සදහන් කළේය.
ලෝක වෙළෙදපොලෙහි ඉන්ධන මිල අඩු වීමේ වාසිය මුළුමනින්ම ජනතාවට ලබා දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.








