FAST NEWS

24×7 Around the Globe

ජනපති ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසීයට යයි !!!

 

තමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අදාළ පරීක්ෂණ බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලීසියට පැවරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ආරක්ෂක, නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව ගැන පසුගියදා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද දැනුම් දුන් බවද පැවසේ.

මේ ගැන තොරතුරු හෙළිදරව් කළ නාමල් කුමාරගේ හඬපට මෙන්ම මූලික පරීක්ෂණ වාර්තාද ස්කොට්ලන්ඩ්යාර්ඩ්පොලීසියට යැවෙනු ඇති අතර අනතුරුව ස්කොට්ලන්ඩ්යාර්ඩ් පරීක්ෂකයන් ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ  සිදුකරනු ඇතැයිද කියැවේ.