පසුගිය 2016 සහ 2017 යන වසර දෙකේදී උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය කණ්ඩායම් දෙකම එක වර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙම බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය ජනවාරි මස මුලදී නිකුත් කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මේ යටතේ සිසුන් 7,000 ක් පමණ ඇතුළත් කර ගැනීමට නියමිත ය.
මෙලෙස කණ්ඩායම් දෙකක් එකවර ගැනීමට තීරණය කර ඇත්තේ බඳවා ගැනීමේදී දැනට පවතින දෙවසරක ප‍්‍රමාදය අඩු කර ගැනීම සඳහා ය.








