පවතින අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
ඔඩ්ඩුසාඩන් ,ඔරුවක්කායි සහ මාන්කුලම් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පවුල් 180 කට අධික සංඛ්‍යාවක් මේ වන විට ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවඑ මහතා පැවසීය.








